163 users have listened to this hymn this month (May 2026)
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසක දී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනී...
මට ඔබ විශ්වාසයි
ඔබ මගෙ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යනතුරු
ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා
ගීයක් මුමුණන්නනම්
දුකින් පෙළෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමී
සැනසීමක් අයැදින්නට හිත හිත
මල් දෝතක් පුදමී
විශ්වාසයි මට විශ්වාසයි කිසි
දින මා අතනොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැබෙනු ඇතී