70 users have listened to this hymn this month (May 2026)
සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ළඟමයි
දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිදු හඩක්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයේ කුමරුන් ආවා
සීතල සුළඟ හමයි
දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කඳුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා
සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිදු ලෙසින්
සීතල සුළඟ හමයි