35 users have listened to this hymn this month (May 2026)
ඇයිදෝ මා පිලිකුල් කරනේ..
නූපන් මා ඇයි නොපතන්නේ....
දා උකුලේ බලලුන් නලවා
හා ආදර සුනකයන් කවා
දී ඇතිමුත් රස පහස ලබා
මට දී නැත ලොව එලිය පවා...
රාග සුරා මත් වී රිසි සේ
සූදුව හා තනිවම සැනහේ
නාස්තියේ හී ගැලුනු පැයේ
ඇයි පුතු නැති මා දකිනු ප්‍රියේ....
කී විසිතුරු අභරණ ලෙලවා
රසැති බොජුන් වැඩිපුර වළදා
අහස් උසට මහ මැදුරු තනා
ඒවා තුල ඇයි මාව එපා....