6 users have listened to this hymn this month (April 2026)
හමුවෙන්නම් කඳු මුදුනෙදි පවසන්නම් කල කීදේ
දැනගන්නට සමිදුනි ඔබෙ ආදරේ
පියෙන් පියට පා නගලා මුසුවීලා ආදරේ ඔබෙ
පවසන්නම් ජේසුනි ඔබෙ ආදරේ
හාලෙලූයා///////
පිබිදෙන්නම් හඳ බැතියෙන් මෑනියන්ගෙ ලගින් හිදන්
දැනගන්නට සමිදුනි ඔබෙ ආදරේ
පියානන්ගෙ තුරුලෙ ඉදන් පුතුනුවන්ගෙ අත්දැකුමෙන්
හමුවෙන්නම් නැවතත් කඳු මුදුනේ
හාලෙලූයා///
ඔබ දුන් ඔබෙ මන්දිරයේ අයිතිකරුව ඔබයි පියේ
කවදාවත් එය මා සතු නොවන්නේ
පියානන්ගෙ තුරුලෙ ඉදන් පුතුනුවන්ගෙ අත්දැකුමෙන්
හමුවෙන්නම් නැවතත් කඳු මුදුනේ
හාලෙලූයා///////