199 users have listened to this hymn this month (May 2026)
මා බලවත් කරනා සමිඳාණන් තුල
සියල්ල කළ හැකි වේ
සියල්ල කළ හැකි වේ...
නැත මා සිතේ සැකයක් බියක්
සමිඳෝ බලවතාණෝ...
රැකගන්න මා සමිඳේ
ගෙවෙනා සෑම මොහොතේ...
පිසදා කඳුළු සනසා අපව
මුදවා සෑම නපුරෙන්...
සමිඳා ඔබයි නිබඳේ
තුති වේ ප්‍රශංසා වේ...
ගිනි දැල් හදේ සුසුමන් සිතේ
නිවනා සමිඳු ඔබ වේ...
ඉඩ දෙන්න මට සමිඳේ
රැඳවෙන්න ඔබ සුරතේ...
දිළිඳුන් අතර දිළිඳෙක් විලස
වැඩියේ ඔබයි සමිඳේ...
කල්වාරි කඳු මුදුනේ
ගැලවීම දුන් රජීඳේ...