63 users have listened to this hymn this month (May 2026)
නුපන්නා නම් හොඳය මා සමිඳේ
කියා සිතුනි මට හැරී බැළුවිට මගේ දුබල දිවියේ
මගේ පව් කම් වලින් මිරිකී සිටින මේ මොහොතේ
කෙසේ ගෙවන්නද මගේ දුබලකම් මේ පාළු කතරේ
ලෝකයා මා අතැර යද්දී
පවිටු මගේ සිත තනිවඬද්දී
පිලිතුර වූයේ සමිඳුනී ඔබ මයි
මා රැක ගත්තේ සමිඳුනි ඔබ මය
සැමට වඩා මා හට පෙම් කරනා
මගේ දිවියේ කුඹල් කරුවනි
අඹනු මැනවි මා කැමති ලෙසින් සමිඳේ
ගෙනයනු මැන මා ලඟටම වී සමිඳේ