368 users have listened to this hymn this month (May 2026)
ශුද්ධාත්මයාණනී
ශුද්ධාත්මයාණනී
සුදතුම් වරම් රැගෙනේ
වඩින්න අප වෙත - //
ප්‍රඥාව, දැනගැන්ම
දැනමිතිකම, දේව භය
තේරුම් ගැනීම, ධෛර්යය
දේව භක්තිය
දෙන්න අප වෙත
ඇතුලාන්ත සිත් සුවය
ලැබ දෙන්න අප හදට
පුරවා ඔබේ ශුද්ධාත්මයෙන්
සුවයෙ බලේ රැගෙන
වඩින්න අපවෙත
පාපේ වහල් කරන
දෙවිඳුන් ඈත් කරන
නපුරේ බලේ සිඳ බිඳලන්න
ශක්තිය ලැබ දෙන්න
නපුරාව ජය ගන්න