127 users have listened to this hymn this month (May 2026)
සුව කරන්න මා...///
ජේසු සමිඳුනේ
ස්පර්ශ කරන්න මා
සුරත ඔසවලා
නැගිටුවන්න මා දිව්‍ය
වෙදැදුරාණනේ
අන්සභාග රෝගෙන් සෙන්පති සේවකයා
ඈත සිටම සුව කළ ලෙස සුව කළ මැන මා දැන්
ඔබෙ දෙව් සුව පහසෙන්
දාවිත් රජු පුතුණුන්යැයි මොර දුන් අඳ මිනිසුන්ගේ
අඳ බව නැති කළ සේ ගොඩලනු මා දැන්
මගේ අඳුරු ලෝකෙන්
යක්ෂාවේස වුනු හින්දා ගොළු වී සිටි මිනිසාගේ
ගොළු බව නැති කළ සේ මගෙ මුනිවත සමිඳේ
බිඳලනු මැන නිතිනේ