55 users have listened to this hymn this month (May 2026)
බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ
තරුවක් බබළයි පුන් සඳක් සේ
රන්වන් රැය අරුණක් වැනියි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනියි
ලස්සන මවගේ ඇස් වගේය
බිළිඳා නැලවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස් වී බබළන මේ රැයේ