66 users have listened to this hymn this month (April 2026)
දෙවිදුන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිදුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා
ඉහල අහසේ..පොලෝ තලයේ
පුදුමදේ දෙවිදුන් කරයි
ආකාසේ මාවත් තැනූ
රළු දියබේ මාවත් සැදූ
මරු කතරේ මාලඟ විසූ
දෙවිතුමනි ඔබමයි රජු
ඉහල අහසේ..පොලෝ තලයේ
පුදුමදේ දෙවිදුන් කරයි
රෝගයේදී මා සුවකෙරූ
විපතේදී මා ළඟ විසූ
දෑතින්ම මා වටකෙරු
පියතුමනි ඔබමයි රජූ
දෙවිදුන්ගේ බලවත් ක්‍රියා
සැමදාම මා දකිනවා
දෙවිදුන්ගේ පුදුම ක්‍රියා
සැමදාම මට පේනවා
ඉහල අහසේ..පොලෝ තලයේ
පුදුමදේ දෙවිදුන් කරයි