85 users have listened to this hymn this month (May 2026)
ඉඩ දෙන්නෙපා විශ්වාසයේ
පහන නිවී යන්න
අඳුරේ ගැලී යයි ජීවිතේ
අවදි වෙලා ඉන්න..
තෝමසුවන්ගේ අවිශ්වාසේ
සුවකළ සැටි පුදුමෙකි සමිඳේ
ඔබේ වතට වත දුන් එදිනේ
හරි වැටහුම ඔහුටද ලැබුනේ...
ඒ සවුවානන් ලංවැ බියේ
තුවාල සියැසින් බලා ඔබේ
පෙව්වා අත පෙව්වා පමණේ
ඔහු සිත සංකා දුරුවැ ගියේ...
බලව් බලව් හදවත මාගේ
කියමින් ඔබෙ හදපට පෑවේ
සකල මිනිස් වග වෙත සෙනෙහේ
නොසිදෙන පෙම පිලිබිඹු වූයේ...
හෙල්ලෙන් විවර වූ තුවාලයේ
සඟවා ගනු අප හැම මොහොතේ
සමිඳුනි ඔබ විඳි දෙතිස් වදේ
අපට විමුක්තිය ගෙන දුන්නේ