95 users have listened to this hymn this month (May 2026)
කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලා කරුවානනේ
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදේ //
මම නොදනිමි ඔබේ සිතේ තිබෙන මගේ හැඩේ
මට නොහැඟේ උතුමභිමත සැලසුම් ඔබගේ
මගේම යැයි මෙතෙක් දුටුව මාවත අඳුරේ
මහා කලාකරුවාණෙනි දැන් එය වැටහේ
කැමති ලෙසින්.....
මටම දිනෙක සතුටු වෙන්න පිළිවන් වන්නේ
ඔබේ අතින් මා හැදුනොත් ලද දුක අතරේ
මිනිස් දුබල කම නිසාම වේදනා දැනේ
නමුත් සමිදේ අඹන්න මා ඔබ කැමති ලෙසේ
කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලා කරුවානනේ
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදේ //