96 users have listened to this hymn this month (May 2026)
මා සඳහා දිවි පිදුවේ
මරණෙන් හෝ උත්ථාන වුණේ
ඔබ ඇරැ වෙන කවුදෝ කවුදෝ
ජේසු මගේ කිතු සමිඳේ
වින විපතට හෝ වේවා
දුක් වෙයිනට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
පිඩාවට හෝ වේවා
සාගින්නට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
දුගී දුකට හෝ වේවා
කඩු පහරට හෝ වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
මරුවා හට හෝ වේවා
මොන බලවතාට වේවා
කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා
සෙනෙහස දෙවිඳුන් අප වෙත පෑ
ජේසු තුමන් ගේ මුව මඬලේ
දිස්වනු රඟ සියැසින් මැ බලා
කරමු අපේ ජිවිත පූජා