84 users have listened to this hymn this month (May 2026)
මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ
තරු මල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙවු පුතු ඉපදීලා සුබ මංගල්ලේ
නත්තල් කාලයේ ලෝකය බබළවමු
සාමය සමඟින් සිත් තුළ පතුරවමු
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු
ජේසු බබා නළවන්නට ගී කියමු
මුතු මුතු
බෙත්ලෙහෙමේ ඉපදුන මගෙ සුදු ජේසු
ඔබව බලන්නට ආවෙමි මම ජේසු
දවසක මගේ පවු සෝදනු ජේසු
සිරි ලංකාවට එනවද රන් ජේසු
මුතු මුතු