56 users have listened to this hymn this month (May 2026)
නත්තල් දා සීත රෑම අපේ පුංචි කාලේ
තෑගි බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය එහෙම දැක්කෙ නෑ අනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලාගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තෙ එන සීයලා
අපෙන් තෑගි බෝග ගන්න අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
නත්තලේ රෑ නින්ද නැහැ
බාල කාලේ ඒ සන්ධියේ
කොයි වෙලාවෙ එයි ද සීයා
මං බලා උන්නා මල්ලියේ
නත්තල් දා සීත
දැන් උදේලු හරි ජයයිලු
සීයලා රෑ ආවා හොරෙන්
තෑගි තෑගි මේ ගෙනල්ලා
කාට කාටත් නත්තල් ඉතින්
නත්තල් දා