78 users have listened to this hymn this month (May 2026)
රෑ තරු බබළනවා මල් පිපිලා වගේ
එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වගේ
රැව් පිළිරැව් දෙනවා
ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැලි වාගේ
සීත සුළං එනවා උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා පැණි බඹරුන් වගේ
බිළිඳෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැළෙනවා හිම මත හිම වාගේ
රෑ තරු බබලනවා