269 users have listened to this hymn this month (May 2026)
සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලයෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනී ඔබයි
අබ්බා පියාණනී ඔබයි ///
දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
යේසු සමිඳා ඔබයි
අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳු ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ යේසු ඔබයි
අබ්බා පියාණනි ඔබයි ///