93 users have listened to this hymn this month (May 2026)
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ//
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ//
තටුගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදී වගේ//
දියසීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා
දින දින වැහි කළු බර වෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල් කත් බැඳ ගෙන එනවා
වැහිබර උඳුවපයේ
අරලිය මල් වතු සුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ