8 users have listened to this hymn this month (April 2026)
සුර ගීයයි බිළිදු හඩයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවදයි එදෙසින් එන්නේ
රිදී සීනු හඩ පරදන ගීත ඇසෙන්නේ
කව්ද මෙ රෑ කන් කළු ගීතිකා ගයන්නේ
සුසිත් දනන් හට සාමය ලැබී දිනේවා
ලොව සව් සත හට සාමය ලැබී දිනේවා
මෙසේ දේව දූතයො සුර ගීත ගැයූවා
බිළිදු දෙවිදු දිළිදු පැලේ ලොව බිහිවූවා
ගොපලුන් සුසිරය ගෙන තාලයට පිබිනවා
බැටළුන් කර පින්නාගෙන ඒ දෙස එනවා
සුර දුටු කැල කියූ බිළිදු කොහෙද අසනවා
බිළිදුන් දුටු සැණින් වැටී වැද අයදිනවා
දරු නැළවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිදා මව් උකුලට වී සැපට නිදන්නේ
පියා වතට බරදී පිටුපසින් සිටින්නේ
මෙතැනය ලොව රජ වන දෙව් බිළිදු උපන්නේ