Thel Mal Suwanda Sandun

තෙල් මල් සුවඳ සඳුන්

Spread the Good news!

Listen count (statistic)

104 users have listened to this hymn this month (May 2026)

Lyrics

තෙල් මල් සුවඳ සඳුන්
දෝත පුරා ගෙනෙමින්
බැතියෙන පුදසුන මත තබමින්
පුද දෙමු පඬුරු ලෙසින්

අප මුලු දිවිය පුරා
දැරු දුක් කඳුලු තබා
මේ කුසලානෙන් ඔබට පුදනට
ගෙන එමු පඬුරු ලෙසින්

ලොව යස ඉසුරු දිනා
විඳි සුව සතුටු සිනා
යලි ඔබ අතටම නතු කර දෙන්නට
ගෙන එමු පඬුරු ලෙසින්

අප හා අප සතු දේ
දෙවිඳුනි ඔබට පිදේ
ඔබ දෙවිබව තුළ පිරිපුන් වන්නට
දෙනු මැන අපට වරම්

Queue is empty
-- / --