91 users have listened to this hymn this month (May 2026)
උපදිනවා හොඳ දවසක්
හමුවෙනවා සොඳුරු හදක්
පැවසෙනවා සුහද බසක්
බිහිවෙනවා කිතු පැතුමක්
නෙතඟින් තොලගින් කියුමෙන් කෙරුමෙන්
ලස්සන මැව්මට ලස්සන දෙන්නට
අප හදවත් දෙනවා
දෙවිඳු ගෙනා යහ තිළිණේ
ආදරයයි මිනිස් බවේ
මිනිස් බවේ සෙනෙහෙ ලබා
හොඳ දවසක් උපදිනවා
අවුල් බවින් එළියක් දී
රුවැති ලොවක් බිහි කරලා
දෙවිඳු රුවින් අපව සදා
හොඳ දවසක් උදා කළා